එතනෝල් මිල ඉහළ යාම හේතුවෙන් මධ්‍යසාරවල මිල ගණන් ඉහළ යා හැකි බවට තොරතුරු වාර්තා වෙයි.
එහෙත් මත්පැන් සමාගම් පවසා ඇත්තේ මත්පැන් මිල වැඩි නොකරන බවයි.
මධ්‍යසාර අලෙවිය සියයට 40කට වඩා අඩුවීම සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
මේ අවස්ථාවේදී මත්පැන් මිල ඉහළ දැමුවහොත් මත්පැන් අලෙවිය තවදුරටත් අඩුවීමට ඉඩ ඇති බව මත්පැන් නිෂ්පාදකයින්ගේ අදහසයි.