― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිලිනොච්චියේ මවක් කිරිකැටියාට කළ අපරාධය

කිලිනොච්චියේ මවක් කිරිකැටියාට කළ අපරාධය

අලුත උපන් බිළිඳෙක් නිවසක් පිටුපස වළදමා ඝාතනය කළ 36 හැවිරිදි කාන්තාවක් මරදන්කේණි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය, මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාවට වයස අවුරුදු 05ක සහ 10ක තවත් දරුවෙන් දෙනෙක් සිටින අතර ඇය සැමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ. පසුගිය පළමු වනදා අදාළ කාන්තාව නිවස තුළ දී මෙම දරු ප්‍රසූතිය සිදුකර ඇති අතර පසුව එම බිළිඳා නිවස පිටුපසට ගෙනගොස් එහි වළක් කපා වළදමා ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එලෙස වළදමා තිබූ බිළිඳු සිරුර ඊයේ (02) අයාලේ යන සුනඛයෙක් හාරා ගොඩට ගෙන එය ඇදගෙන යමින් සිටිය දී අසළ නිවසක කාන්තාවක් දැක ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් පොලීසය සිදුකළ පරීක්ෂණවලදී සැකකාර කාන්තාව මෙම බිළිඳා ප්‍රසූත කර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර ඉන් අනතුරුවයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අනියම් සම්බන්ධයකින් මෙම බිළිඳා බිහි වූ බවට කාන්තාව විසින් හෙළිකර ඇති අතර මාස 10ක් පුරාවට ගර්භනීභාවය සඟවාගෙන සිටි බවත් ඇය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ අදාළ බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කිලිනොච්චිය රෝහලේදී පැවැත්වීමට නියමිත බවයි.