විදුලිය විසන්ධි නොකරන බවට ජනතාවට පෙර දැනුම් දී තිබියදිත් ඊයේ (11) රාත්‍රියේ හදිසියේ විදුලිය විසන්ධි කිරීම පිළිබදව වාර්තාවක් කැඳවා ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසයි.
කැලණිතිස්ස බලාගාරයේ පිහිටි පෞද්ගලික බලාගාරයක කාර්මික දෝශයක් හේතුවෙන් ඊයේ රාත්‍රි දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගත්තේය. හදිසි විදුලිය කප්පාදුව පිළිබඳ කුමන්ත්‍රණයක් පවතින බවට සැකයක් පවතින බවටත් අමාත්‍යවරයා සැක පළ කරයි.
අද දිනයේද කලාප වශයෙන් රාත්‍රී කාලයේදී විදුලිය විසන්ධි කිරීමට සිදුවන බවත් කාර්මික දෝෂයකට ලක් වූ කැළණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි පෞද්ගලික බලාගාරයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් සිදුවන බවත්
එහි අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති මහතා පවසයි.