30 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඋත්සව සමයේ රට ලොක්ඩවුන් කරයිද?

උත්සව සමයේ රට ලොක්ඩවුන් කරයිද?

එලැඹෙන උත්සව සමයේදී රට ලොක්ඩවුන් කිරීමක් සිදුකළ යුතුද යන්න මේ මොහොතේ පුරෝකථනය කිරීම කළ නොහැකි බව වෛරස පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පවසයි.

අද (12) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“දිනෙන් දින, සතියෙන් සතිය, මාසෙන් මාසේ අපි පවතින තත්ත්වය සමාලෝචනය කරලා තමයි ඊළඟ තීරණය ගන්නේ. දින මාස වේගෙන් යනවා. ඒ නිසා එළඹෙන සතිය විශේෂ සතියක්. පාසල් සම්පූර්ණයෙන් පටන්ගෙන තිබෙනවා. අප්‍රේල් ආයෙත් උත්සව සමයක් එනවා. ඒ නිසා අපි දැන්ම ඒ ගැන අවධානය යොමු කරලා සෞඛ්‍ය පුරුදු සමග කටයුතු කළ යුතුයි.

පෙබරවාරි 01 වැනිදා ලොක්ඩවුන් කරන්න වෙයිද කියලා අපිට දැන්මම කියන්න බෑ.
වෛරසයේ හැසිරීම සම්බන්ධයෙන් අපි උපදෙස් දෙනවා. නමුත් අපිට ඉතාමත් අපහසුයි පුරෝකථනය කරන්න. අලුත් ප්‍රභේදයක් ආවත් මාස්ක් එකක් දාලා හිටිය නම් ඒක පැතිරෙන්නේ නෑ.

තාම රට සාමාන්‍යකරණය වෙලා නෑ. නව සාමාන්‍යකරණයකට තමයි අපි මේ වෙද්දි ගිහින් තියෙන්නේ. අපේ රටෙන් තාම කොවිඩ් සහ ඉන්ෆ්ලුවන්සා එකට ආසාදනය වුණු රෝගීන් වාර්තා වී නෑ. එහෙම වාර්තා වුණත් ඒක විශාල ගැටලුවක් නෙමෙයි. කොවිඩ් 19 පමණක් නෙමෙයි විශේෂයෙන්ම ඉන්ෆ්ලුවන්සා මේ කාණ්ඩයේ අනෙක් වෛරසත් වර්ධනය වීමේදී වෙනස්වීම් සිදුවෙනවා. වෙනස්වීම් එකතුවෙලා එකතුවෙලා විකෘතිතා ඇතිවෙනවා.”