25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහල් නිවාසවල ඔප්පු වහාම නිකුත් කරන්න

මහල් නිවාසවල ඔප්පු වහාම නිකුත් කරන්න

කොළඹ නගරය හා කොළොන්නාව නගර සභා බල ප්‍රදේශයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 24ක සහ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති දෙකක හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මෙම වසර අවසන්වීමට පෙර හිමිකම් ඔප්පු ලබාදීමේ කටයුතු අවසන්කළ හැකි වෙතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නිවාස ව්‍යාපෘති 24ක් යටතේ නිවාස ඒකක 14,607ක් ඉදිකර ජනතා අයිතියට පත්කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

#lankadeepa