29.5 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් ගුවනින් මුම්බායි වෙත

ඉන්දීය ක්‍රීඩක රිෂාබ් පාන්ට් ගුවනින් මුම්බායි වෙත

රිය අනතුරකින් තුවාල ලැබූ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂාබ් පාන්ට් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් මුම්බායි නුවර රෝහලක් වෙත යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා.

රිෂාබ් පාන්ට් පසුගිය සතියේ දෙසැම්බර් 30 වැනි දින දිල්ලි-ඩෙරාඩුන් අධිවේගී මාර්ගයේදී මෝටර් රථ අනතුරකට ලක්වුණා.

බස් රථ රියදුරෙකු සහ කොන්දොස්තරවරයකු විසින් දැවෙන මෝටර් රථයෙන් ක්‍රීඩකයා එළියට ගෙන ප්‍රාදේශීය රෝහලකට යොමු කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. කඩුලු රකින ක්‍රීඩකයාගේ MRIඓ ස්කෑන් පරීක්ෂණයෙන් ඔහුගේ මොළයට හෝ සුෂුම්නාවට කිසිදු හානියක් සිදුවී නොමැති බව අනාවරණය වී තිබෙනවා.

ඔහු දින කිහිපය තුළ, දැඩි සත්කාර ඒකකයේ සිට රෝහලේ පෞද්ගලික කාමරයකට ගෙන ගොස් ඇති අතර මේ වන විට සුවය ලබමින් පවතින බව සඳහන්. සීරීම් සහ මුහුණේ තුවාල සඳහා ප්ලාස්ටික් සැත්කම් දැනටමත් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ඔහුගේ දණහිසේ MRIඓ ස්කෑන් පරීක්ෂණය තවමත් සිදු කර නොමැති අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) වෛද්‍ය කණ්ඩායමට ප්‍රතිකාර ආරම්භ කළ හැක්කේ ඔහුගේ ප්ලාස්ටික් සැත්කමෙන් සුවය ලැබීමෙන් පසුව පමණක් බව ද සඳහන්.

රිෂාබ් පාන්ට් ඩෙහ්රාඩුන් හි මැක්ස් රෝහලේ සිට මුම්බායි හි කෝකිලාබෙන් අම්බානි රෝහලට ගුවන් ගිලන් රථයක් හරහා මාරු කරන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඒ සඳහා ගුවන් ගිලන් රථයක් අනුමත කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.