27.8 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalනිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

නිරුවත පෙන්වූ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

පානදුර ප්‍රධාන බාලිකා පාසලක පාසල් සිසුවියකට නිරුවත පෙන්වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (12) සවස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඊයේ සිසුවියන් දෙනෛකු උදෑසන පාලසට එමින් සිටියදී මෝටර් රථයක සිටි පුද්ගලයෙකු ඇඳ සිටි කලිසම පහත් කර ඔවුන් දෙනොට නිරුවත පෙන්වා ඇති බවට අදාල පාසලේ විදුහල්පතිනිය විසින් ලබා දුන් තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වී ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් පසු මෙම මෝටර් රථය සොයාගෙන ඇති අතර එය කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගණකාධිකාරිවරිගේ නිල රථය බවට හඳුනාගෙන ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

එම රථයේ රියදුරා වන මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.