― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරන් ආලේපිත ආභරණ තොගයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

රන් ආලේපිත ආභරණ තොගයක් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

රන් ආභරණ යැයි සිතා ඉන්දියාවේ සිට ආනයනය කරන ලද රන් ආලේපිත ආභරණ තොගයක් සොරා ගත් පුද්ගලයකු කහතුඩුව වෙනිවැල් කොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

අන්තර්ජාලය ඔස්සේ සහ විවිධ ආයතනවලට ගොස් රන් ආලේපිත ආභරණ අලෙවිකරණ ව්‍යාපාරික කාන්තාවක් රන් ආභරණ තොගය යතුරු පැදියේ අසුන යට ලාච්චුවේ දමා තිබියදී සැකකරු මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය පවසයි.

එකී කාන්තාව ආභරණ තොගය බහා තිබූ යතුරු පැදිය කහතුඩුව සති පොළ අසල නවතා එළවළු මිලදී ගැනීම සඳහා ගිය අවස්ථාවේදී සැකකරු අසුන යට තිබෙන ලාච්චුව කඩා මෙම ආභරණ තොගය සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

එහි තොග වටිනාකම රුපියල් හැටදහසක් පමණ යයි එකී කාන්තාව කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වේ. සැකකරු සොරා ගත් ආභරණ ඔහුගේ නිවසට රැගෙන ගොස් විවිධ පුද්ගලයන්ට විකිණීමට උත්සාහ දැරීමේදී එම ආභරණ රන් ආලේපිත ඒවා යැයි හඳුනාගත් එම පුද්ගලයන් ඒවා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයිද පොලීසිය කියයි.

අනතුරුව සැකකරු ඒවා නිවසේ සඟවා තබා ආභරණ තොගයම ව්‍යාපාරිකයකුට එකවර විකිණීම සඳහා සැලසුම් කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තිස්හත් හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කහතුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ එච් කේ ප්‍රියංකර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල හේරත්, පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා, පොලිස් කොස්තාපල් 8486 ප්‍රියංකර මහත්තුරු සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.