― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportT20 පන්දු යවන්නන් අතර වනිඳු ඉදිරියට

T20 පන්දු යවන්නන් අතර වනිඳු ඉදිරියට

වනිඳු හසරංග නවතවම 20-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්වල 05 වන ස්ථානය දක්වා ස්ථානය දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

T20 පන්දු යැවීමේ ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ වනිඳු තවදුරටත් පසුවන්නේ පළමු ස්ථානයේයි. දසුන් ශානක සහ චාමික කරුණාරත්න මෙවර පිළිවෙලින් පිතිකරු සහ පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත T20 තරගාවලිය සඳහා උපනායකයා ලෙස පත් කර ඇති සුපිරි ක්‍රීඩක සූර්යකුමාර් යාදව්, ඨ්20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ප්‍රමුඛ ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.

තරගයේ වීරයා වන දීපක් හූඩා පන්දු 23කදී නොදැවී ලකුණු 41ක් රැස්කරමින් පිතිකරුවන් අතර ස්ථාන 40ක් ඉදිරියට පැමිණ 97 වැනි ස්ථානයටයි පත්වී ඇත්තේ. ශ්‍රී ලංකාවට එරෙහිව පසුගිය 3 වැනිදා පැවැති පළමු T20 තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක ඉෂාන් කිෂාන්, හර්දික් පාණ්ඩ්‍යා සහ දීපක් හූඩා T20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉහළට පැමිණ තිබෙනවා.

පන්දු 29කදී ලකුණු 37ක් රැස්කළ ඉෂාන් කිෂාන් ස්ථාන 10ක් ඉදිරියට පැමිණ 23වැනි ස්ථානයට පත්වුණා. නායක හර්දික් පාණ්ඩ්‍යා පන්දු යවන්නන් අතර 76 වැනි ස්ථානය දක්වා ඉහළ ගියේ නව පන්දුවෙන් ආර්ථිකමය වශයෙන් පන්දු යැවීම හේතුවෙන්.