30 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකහ දොඩම් බහාලුම් 03ක් රෝහල්වලට බෙදා හැරේ

කහ දොඩම් බහාලුම් 03ක් රෝහල්වලට බෙදා හැරේ

වරායෙන් මුදා නොගත් කහදොඩම් බහාලුම් 3ක් මෙරට රෝහල්වලට බෙදා හැරීමට පියවර ගෙන තිබේ.

මෙම බහාලුම් තුනේ දොඩම් කිලෝ 72,000ක පමණ ප්‍රමාණයක් අඩංගු වී ඇති අතර එහි දළ වටිනාකම මිලියන 72ක් බවයි වරාය අධිකාරිය පවසන්නේ.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් මෙම දොඩම් තොගය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත බාර දී ඇති අතර කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහරගම අපේක්ෂා රෝහල ඇතුළු පළාත් බද රෝහල් 60කට පමණ මෙම දොඩම් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.