― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅවුරුදු 5 ට අඩු දරුවන් අතර මන්දපෝෂණයේ ඉහළයෑමක්

අවුරුදු 5 ට අඩු දරුවන් අතර මන්දපෝෂණයේ ඉහළයෑමක්

2021 සහ 2022 වසරවලදී ශ්‍රී ලංකාවේ වයස අවුරුදු පහට අඩු ළමා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ දරුවන්ගේ දුර්වල සනීපාරක්ෂක පුරුදු සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම මන්දපෝෂණය වැඩිවීමට හේතු වී ඇති බවයි.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ත්‍රිපෝෂ බෙදා හැරීම කඩිනමින් සාමාන්‍ය තත්ත්වයට පත් කරන බවත් අමාත්‍යවරයා එහිදී සහතික විය.