25.6 C
Colombo
Wednesday, December 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දීය විදේශ ඇමති මේ මාසයේදී ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ ඇමති මේ මාසයේදී ශ්‍රී ලංකාවට

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් මෙම සංචාරය සිදුවන්නේ කවදාද යන්න නිශ්චිත වශයෙන් තහවුරු කර නොමැත.

පසුගිය වසරේ ජූලි මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පත්වීමෙන් පසු ජයිශංකර්ගේ පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය වන අතර නව වසරේදී ජයිශංකර්ගේ පළමු සංචාරයද මෙය වීම විශේෂත්වයකි.

අවසන් වරට ඔහු ලංකාවට පැමිණ ඇත්තේ 2022 මාර්තු මාසයේදීය.

ශ්‍රී ලංකාව අර්බුදයෙන් පෙළෙන අවස්ථාවේදී ඉන්දියාව විසින් ආහාර, ඖෂධ සහ ඉන්ධන ආනයනය සඳහා ණය ලබා ඩීමටද කටයුතු කළේය.