30 C
Colombo
Wednesday, June 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsභානුක නැවතත් ක්‍රීඩා පිටියට

භානුක නැවතත් ක්‍රීඩා පිටියට

පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ ඔහුගේ තීරණය වෙනස් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පවසයි.

භානුකගේ මෙම තීරණය ලේකම්වරයාට නිල වශ‍යෙන් දැනුම් දී ඇත.

ඊයේ පෙරවරුවේ භානුක රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂව මුණ ගැසුණු අතර පැය භාගයකට අධික කාලයක් පැවති එම හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා භානුක ගත් තීරණය සමබන්ධයෙන් නැවත සළකා බලන ලෙස දෙවැනි වතාවටත් ඉල්ලා තිබේ. එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් භානුක මෙලෙස ඔහුගේ තීරණය වෙනස් කර ඇත.