ජගත් පාපන්දු සම්මේලනය, මෙරට පාපන්දු සංගමයට නිලවරණයකට අදාළ කටයුතු සම්පුර්ණ කර ගැනීම සඳහා තවත් අමතර සතියක කාලයක් ලබා දී තිබෙනවා.
පාපන්දු සංගමයේ හිටපු ලේකම් උපාලි හේවගේ සඳහන් කළේ. ඒ බව ඔවුන් ලිඛිතව දැනුම් දී ඇති බවයි.
ජනවාරි 3 වැනිදාට පෙර නිලවරණයකට අදාල කටයුතු සම්පුර්ණ නොකළ හොත් ශ්රී ලංකා පාපන්දු සංගමය තහනමට ලක්විය හැකි බවට ජගත්
පාපන්දු සම්මේලනය අනතුරු අඟවා තිබුණා.