30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංකේත වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 200ක් අවලංගු කර ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරීවරයා පවසයි.

කාර්යාල දුම්රිය ගමන්වාර 80ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඊයේ රාත්‍රි 12 සිට අද රාත්‍රි 12 සිට අද රාත්‍රි 12 දක්වා වැඩවර්ජනය ක්‍රියාත්මකය.

දුර ගමන් සේවා කලින් ආසන වෙන් කළ දුම්රියයන් නොදන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්‍යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නොකිරීම, රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මෙම හදිසි වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථානවල සංඥා ක්‍රියාත්මක නොවීමෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා පිටත්වීමට නියමිත දුම්රිය වේදිකාවට ගැනීමට නොහැකි විය. ඒ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයක පතව තිබේ.