30.6 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගුරුවරියට වෙඩි තැබූ සිසුවෙක් අත්අඩංගුවට

ගුරුවරියට වෙඩි තැබූ සිසුවෙක් අත්අඩංගුවට

එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරියකට වෙඩි තැබීම සම්බන්ධයෙන් හය හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිව්පෝර්ට් නිවුස් නගරයේ රිච්නෙක් ප්‍රාථමික පාසලේදී වෙඩි තැබීම සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 30ක් පමණ වන ගුරුවරිය තුවාල සහිතව රෝහල් ගතකර සිටිනවා.

මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ පළමු ශ්‍රේණියේ පන්ති කාමරයකදී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව බව සඳහන්.

සිසුන් 550ක් පමණ සිටින මෙම පාසලේ ලෝහ හඳුනාගැනීමේ පහසුකම් තිබුණද, අද දිනයේ සිසුන් අහඹු ලෙස පරීක්ෂා කර ඇති අතර සෑම දරුවෙකුම පරීක්ෂා නොකළ බවයි පාසලේ ආරක්ෂක නිලධාරීන් පවසා ඇත්තේ.දරුවාට ගිනි අවිය ලැබුණේ කෙසේද යන්න පැහැදිළි නොමැති වුව ද මෙය අහඹු සිදුවීමක් නොවන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට යොදාගත් ගිනි අවිය කුමක් ද යන්න පිළිබඳ හෙළි කිරීම පොලිසිය ප්‍රතික්ෂේප කර තිබෙනවා.