31 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගර්භනී මවුවරුන්ටත් බූස්ටර් එන්නත

ගර්භනී මවුවරුන්ටත් බූස්ටර් එන්නත

විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුමැතිය යටතේ ගර්භනී මවුවරුන්ට සහ කිරිදෙන මවුවරුන්ට බූස්ටර් එන්නත ලබාගැනීම අනුමත කර ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

ප්‍රබල කොරෝනා ප්‍රභේදවලින් ගැලවීම සඳහා බූස්ටර් එන්නත කඩිනමින් ලබා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් එන්නත්කරණ වැඩපිළිවෙල වේගවත් කිරීම සඳහා එන්නත්කරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.