― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldඔන්ලයින් ඕඩර කර බිරියානි කෑ තරුණියක් ජීවිතක්ෂයට

ඔන්ලයින් ඕඩර කර බිරියානි කෑ තරුණියක් ජීවිතක්ෂයට

බිරියානි කෑමක් වූ කුෂිමන්ති ආහාරයට ගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ තරුණියක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශ්‍රීපාර්වතී නැමැති 20 හැවිරිදි තරුණියක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අදාළ තරුණිය පසුගිය දෙසැම්බර් 31 වැනිදා ඇය ජීවත් වූ ප්‍රදේශයේ හෝටලයකින් බිරියානි කෑමක් වූ කුෂිමන්ති ආහාරය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ ආහාර ඇණවුම් කර තිබෙන අතර එය ආහාරයට ගැනීමෙන් පසු ඇය රෝගාතුරව ඇති බවයි වාර්තා වන්නේ.

පසුව ඇයගේ මව්පියන් විසින් තරුණිය පෞද්ගලික රෝහලකට ප්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, පසුව ඇයව කර්නාටක ප්‍රාන්තයේ මංගලුරු ප්‍රදේශයේ පිහිටි වෙනත් රෝහලකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එහි ප්‍රථිකාර ලබමින් සිටි තරුණිය අද (07) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය වීනා ජෝර්ජ් විසින් ආහාර සුරක්ෂිතතා කොමසාරිස්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම තරුණිය ආහාර ඇනවුම් කළ අදාළ හෝටලයේ බලපත්‍රය ද ආහාර සුරක්ෂිතතා සහ ප්‍රමිති පනත යටතේ අවලංගු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය පවසා අත්තේ.