― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsචීනයේ ඩීසල් හෙට සිට මෙරට ගොවීන්ට

චීනයේ ඩීසල් හෙට සිට මෙරට ගොවීන්ට

චීන රජය විසින් මෙරට කෘෂිකර්මාන්ත කටයුතු සඳහා පරිත්‍යාග කළ ඩීසල් ලීටර් මිලියන 6.98ක් හෙට (09) සිට අස්වනු නෙලීම සඳහා ගොවි ජනතාවට බෙදා හැරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

මෙම ඉන්ධන නොමිලේ බෙදාහැරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් චීන රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඩීසල් ලීටර් මිලියන 10.06ක් මෙරට කෘෂි කර්මාන්තය හා ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාවට නොමිලේ පරිත්‍යාග කිරීමට තීරණය කළා.

ඩීසල් ලීටර් මිලියන 6.98ක් කෘෂි කාර්මික කටයුතු සදහා ලබාදුන් අතර අනෙක් ඩීසල් ලීටර් තොගය වෙන් කෙරුණේ ධීවර කටයුතු සඳහා යෙදවීමටයි.