― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබැස්ටියන් මාවතේ වෙඩි තැබීම සිදුකළ ඝාතකයින් පැමිණි යතුරුපැදිය හමුවෙයි

බැස්ටියන් මාවතේ වෙඩි තැබීම සිදුකළ ඝාතකයින් පැමිණි යතුරුපැදිය හමුවෙයි

පිටකොටුව – බැස්ටියන් මාවතේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

එම යතුරුපැදිය ගෝනපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී මෙලෙස සොයාගත් බවයි පිළියන්දල පොලිසිය පැවසුවේ. මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයන් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණෙන බවට ලද තොරතුරකට අනුව පිළියන්දල පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමක දී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යතුරුපැදිකරුගේ ගෝනපොල ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ සඟවා තිබූ බැස්ටියන් මාවතේ ඝාතනයට යොදාගත් යතුරුපැදිය සහ සොරකම් කරන ලද තවත් ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී ඒවා සන්තකයේ තබාගෙන සිටි එම පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනයට යොදාගත් යතුරුපැදිය ලබාදුන් බවයි.

එම යතුරුපැදියේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී එය උහුමීය ප්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුට අයත් යතුරුපැදියක් බවට බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත් මියගිය පුද්ගලයාගේ බිරිඳ විසින් යතුරුපැදිය විකුණූ බවටයි පසුව තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අනතුරුව අදාළ කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තම මියගිය සැමියාගේ යතුරුපැදිය පිටකොටුව – බැස්ටියන් මාවතේ වෙඩි තැබීමේ සිද්ධියට යොදාගෙන තිබූ බවට දැනගන්නට ලැබුණු බවට ඇය පවසා තිබෙනවා. පසුගිය වසරේ මැයි මස 30 වනදා පිටකොටුවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහිදී අයෙක් ජීවිතක්ෂයට පත් වුණා.

එම ඝාතනයට සම්බන්ධ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සමඟ පසුගිය දා ගම්පහ, බෙම්මුල්ල ප්‍රදේශයේ දී ඇතිවූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් වුණා.