― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportබුම්රා එක්දින තරගාවලියෙන් ඉවතට

බුම්රා එක්දින තරගාවලියෙන් ඉවතට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර හෙට ආරම්භ වන එක්දින තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම් කළ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා එම තරගාවලියට එක් නොවන බව වාර්තා වනවා.

පිටකොන්දේ ආබාධයකට ලක්ව සිටි බුම්රා මෙම තරගාවලිය වෙනුවෙන් නම්කළ ඉන්දීය සංචිතයට කැඳවනු ලැබුවේ එම සංචිතය නම් කිරීමෙන් පසුවයි.

එලෙස ඔහු එක්දින සංචිතයට එක් කරනු ලැබුවේ 2022 අවසන් සතියේ ඔහුගේ පුහුණුවීම් සහ පන්දු යැවීමේ චර්යාවන් වේගවත් කිරීමෙන් පසුව බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඒ අනුව බුම්රාගේ නැවත පැමිණීම නිවේදනය කරමින් BCCI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ‘ඔහු ඉක්මනින්ම Team India එක්දින සංචිතයට එක්වනු ඇත’ යනුවෙනි.

කෙසේ වෙතත් ඔහු හෙට (10) තරගය පැවැත්වෙන ගුවහාටි වෙත ඉන්දීය කණ්ඩායම සමඟ පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ. බුම්රා මෙලෙස එක්දින තරගාවලියෙන් ඉවත්වීමට බලපෑ හේතුව තවමත් නිශ්චිත වශයෙන් දන්වා නැහැ.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව ආපසු පැමිණීමෙන් පසු ඉක්මනින්ම ඔහුව යළි අවදානමට ලක් කිරීම ගැන සැළකිලිමත්ව මෙම තීරණය ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.