― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉදිරි විමර්ශන කටයුතු CID යට

බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ඉදිරි විමර්ශන කටයුතු CID යට

හෝමාගම පිටිපන බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලය තුළ නවක වදය මෙහෙය වීමේ චෝදනාව ඇතුළු කරුණු හතරක් සමිබන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් හිමි නම් ලබන 23 දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය (09) දා නියෝග කළාය.

මීට අමතරව මෙම නඩුවේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය තුළ අමානුෂික ලෙස නවක වදය ලබා දිමි , අයුතු සිරකර තැබීම්, අයුතු අවහිරය සහ සිසුන්ට සුළු කුවාල සිදු කිරීම් යන චෝදනා යටතේ එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය පූජ්‍ය තලාවේ ධමික හිමියන් සොලිසිය කළ දැනුම් දීමකට අනුව පොලිසියට පැමිණි අවස්ථාවේ දි ප්‍රකාශයක් සටහන් කොට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ජනවාරි මස 09 ආ දක්වා එම හිමිනම් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, හෝමාගම මහේස්ත්‍රාක් නිලුපුලි ලංකාපුර මෙනවිය හමුවේ එම නඩුව යළි 09 දා කැඳවන ලදි.

සැකකාර හිමි නම්ට ඇප ලබා දෙන ලෙව් නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් සැකකාර පූජ්‍ය තලාවේ ධම්මික හිමියන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් නොමැති හෙයින් ඇති ලබා දීමට පොලිසිය විරෝධය පළ කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටත් එහි වාර්තාවක් ජනවාරි 23 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

නඩුව ජනවාරි 23 දා යළි කැඳවීමට නියමිතයි.