― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportදකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කරයි

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ඩ්වේන් ප්‍රිටෝරියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය අද (09) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

සමුගැනීම නිවේදනය කරමින් මෙම තුන් ඉරියව් ක්‍රීඩකයා පැවසුවේ ඔහුගේ අවධානය T20 සහ ක්‍රීඩාවේ අනෙකුත් කෙටි ආකෘති වෙත යොමු කිරීමට අවශ්‍ය බවයි.

33 හැවිරිදි ප්‍රිටෝරියස් 2016 දී ජාත්‍යන්තර ක්‍රිකට් ගමන ආරම්භ කළ අතර, එහිදී ඔහු ටෙස්ට් තරග 03ක් ජාත්‍යන්තර එක්දින තරග 27ක් සහ විස්සයි විස්ස තරග 30ක් වෙනුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

2021 වර්ෂයේ දී පාකිස්ථානයට එරෙහිව ලකුණු 17කට කඩුලු 05ක් දවා ගනිමින් විස්සයි විස්ස තරගයක දකුණු අප්‍රිකානු පන්දු යවන්නෙක් වාර්තා කළ හොඳම පන්දු යැවීමේ වාර්තාවට ද හිමිකම් කියන්නේ ඩ්වේන් ප්‍රිටෝරියස් වීම විශේෂත්වයක්.