ලබන සෙනසුරාදා සිට බිත්තරයක සම්පූර්ණ මිල රුපියල් පහකින් අඩු කිරීමට සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය තීරණය කර තිබේ.
මේ අනුව ලබන සෙනසුරාදා සිට බිත්තර මුළු මිල රුපියල් 45කට අලෙවි කරන බව එම සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි පැවසීය.
බිත්තර නිෂ්පාදකයින් ලොරි හරහා බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.