― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsEvergreen Marine සේවකයින්ට ප්‍රසාද දීමනා ලෙස මාස 52ක වැටුප්

Evergreen Marine සේවකයින්ට ප්‍රසාද දීමනා ලෙස මාස 52ක වැටුප්

තායිවානය පදනම් කරගත් Evergreen Marine සමාගම සිය සේවකයන්ට මාස 52 ක වැටුපක් ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දී ඇත.

Evergreen Marine නැව් සමාගම සිය සේවකයින් සඳහා වසර අවසාන ප්‍රසාද දීමනා ප්‍රකාශයට පත් කර ඇත. 2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ Evergreen Marine සමාගමේ ලාභය පමණක් රුපියල් කෝටි එක් ලක්ෂ අනූඅට දහසක් ලෙස සැලකේ.

එම නිසා සේවකයින්ට මාස 10 සිට 45 දක්වා වැටුප් ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දෙන බව නිවේදනය කර ඇත. හොඳම සේවය කළ සේවකයන්ට උපරිම වශයෙන් මාස 52 ක වැටුපක් ප්‍රසාද දීමනාවක් ලෙස ලබා දී ඇත. මේ හරහා මෙම ආයතනයේ වසරක් සේවය කළ සේවකයකුට වසර හතරක වැටුප ප්‍රසාද දීමනාවක් ලෙස හිමිවේ.

කනිෂ්ඨ මට්ටමේ සේවකයකුගේ මූලික වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහසක් වන අතර ඔහු හොඳින් දායක වී ඇත්නම් ඔහුට රුපියල් ලක්ෂ 60 ක පමණ ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇත.

#NDTV