31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දීමටයි.

මේ අතර අද තරගය සඳහා අවසන් විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙනස්කමක් සමඟින් එක්වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මහිෂ් තීක්ෂණ වෙනුවට දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා. කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්ශංක, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක, දසුන් ශානක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක අද තරගයට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමයි.

අද තරගයට එක්වන ඉන්දීය කණ්ඩායම වන්නේ රෝහිත් ෂර්මා, ශුබ්මන් ගිල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, ලෝකේශ් රාහුල්, හර්දික් පාණ්ඩ්‍යා, අක්සාර් පටෙල්, මොහොමඩ් ෂාමි, යුස්වේන්ද්‍ර චාහල්, උම්රාන් මලික්, මොහොමඩ් සිරාජ් යන අයයි.