මුතුරාජවෙල අභය භූමියේ මායිම් ලකුණු කිරීමේ කටයුතුවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියාචනාධිකරණය නියම කළේය.
එම කටයුතු කිරීමේදී ඇතිවන අපහසුතා හෝ බාධා තිබේ නම් ඒ පිළිබඳවද එම වාර්තාව මගින් දැනුම් දෙන ලෙසද එහිදී නියෝග කර තිබේ. මීට අදාළව කාදිනල් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් ඊයේ (13) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එම නියෝග නිකුත් කෙරිණි.
අනතුරුව පෙත්සම ලබන මාර්තු 04 වැනිදා නැවත කැඳවීමට නියම විය. පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෑතකදී පෞද්ගලික සමාගමක් මෙම තෙත්බිමේ අක්කර 50ක් නීතිවිරෝධී ලෙස පස් පිරවීම සඳහා ලබාගෙන ඇතැයි දැනගන්නට ලැබී ඇති අතර මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් මෙම පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ වීමේ තත්ත්වයක් උද්ගත වන බවයි.
එබැවින් මුතුරාජවෙළ වගුරු ආශ්‍රිත බිම් පිරවීම සඳහා සහ අපද්‍රව්‍ය දැමීම වළකාලන තහනම් නියෝගයක් වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.