ආණ්ඩුව දියත් කර ඇති ජනතා මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව ලබන 15 වැනිදා දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කිරීමට සමගි ජන බලවේගය සැලසුම් කර ඇත.
වැඩි වන විදුලි බිලට, ඉහළ යන බඩු මිලට, අසාධාරණ බදු පැනවීමට සහ දරුවන්ගේ පාසල් පොත්වලටත් බදු ගැසීමට එරෙහිව මෙසේ ආණ්ඩුවට එරෙහිව දීප ව්‍යාප්තව උද්ඝෝෂණ කිරීමට සජබ තීන්දු කොට තිබේ.
ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකම සෑම ආසානයකම මෙසේ එකවර ආණ්ඩුවට එරෙහිව පාරට බැසීමට සජබ සැලසුම් කොට ඇති බවයි වාර්තා වන්නේ.