27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

රූපවාහිනී සංස්ථාවට බලෙන් ඇතුළු වූ තවත් අයෙක් අත්අඩංගුවට

2022.02.13 වන දින ජාතික රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී විකාශනයන් නවතා අනර්ථය කිරීමේ සිද්ධියට අවශ්‍යව සිටි සැකකරු‍වෙකු ඊයේ (10) කුරුඳුවත්ත පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු වයස අවුරුදු 44ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මීට පෙරත් මෙම සිදුවීමට අදාළ සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. සැකකරු අද (11) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.