මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද (11) මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැත්වීමට නියමිතය.
ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාල පක්ෂ එක්වර සාකච්ඡාවක් සඳහා කැඳවූ පළමු අවස්ථාව මෙය වන බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසන්නේ.
එලැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.