― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහජ් වන්දනාකරුවන් සඳහා පැනවූ සීමා ඉවතට

හජ් වන්දනාකරුවන් සඳහා පැනවූ සීමා ඉවතට

2019 වසරේ අගභාගයේදී කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් සියලුම රටවල් සංචාරක සීමා පැනවීය.

සෞදි අරාබිය ද හජ් වන්දනාකරුවන්ට පැමිණීමට දැඩි සීමා පැනවීය.

කොරෝනා වෛරසය පාලනය වීමත් සමඟ හජ් සංචාරයට පනවා තිබූ සීමාවන් කිහිපයක් ලිහිල් කෙරුණා.

කෙසේ වෙතත්, විදේශයන්හි සිට හජ් වන්දනාකරුවන් සීමිත සංඛ්‍යාවක් සඳහා අවසර ලබා දී ඇත.

මෙම තත්ත්වය තුළ කොරෝනා කාලසීමාව තුළ හජ් වන්දනාකරුවන් සඳහා පනවා තිබූ සීමාවන් ඉවත් කරන බව සෞදි අරාබි රජය නිවේදනය කර තිබේ.

ඒ අනුව සෞදි අරාබි රජය මෙවර හජ් වන්දනාකරුවන් සංඛ්‍යාවට සීමාවන් පනවා නොමැති අතර වයස් සීමාවකින් තොරව ඕනෑම පිරිසකට හජ් වන්දනාවේ යෙදිය හැකි බවයි ඔවුන් නිවේදනය කර ඇත්තේ.

සෞදි අරාබිය රජය මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ කොරෝනා කාලසීමාව තුළ හජ් වන්දනාකරුවන් සංඛ්‍යාව අඩු වී ඇති අතරතුරයි.