― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨා හා මහින්දට සම්බාධක පැනවීම ගැන ලංකාවේ කනස්සල්ල

ගෝඨා හා මහින්දට සම්බාධක පැනවීම ගැන ලංකාවේ කනස්සල්ල

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කැනඩා රජය විසින් සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර අද පැවති හමුවකදී යි මේබව ප්‍රකාශ වී ඇත්තේ. මෙම හමුවේදී විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනකුට සම්බාධක පැනවීම මෙම තීරණාත්මක අවස්ථාවේදී පිළිගත හැකි ක්‍රියාවක් නොවන බවයි.

පවතින ගැටලු නිරාකරණය කර සංහිඳියාව ඇති කර ගැනීම සඳහා පවතින ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණවල නිරතව සිටින අවස්ථාවක මෙම සම්බාධක පනවා ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව කැනඩාව සම්බාධක පනවා ඇති බව කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලි ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා.

1983 වසරේ සිට 2009 වසර දක්වා ශ්‍රී ලංකාවේ පැවති සන්නද්ධ ගැටුම්වලදී මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට චෝදනා කරමින් මෙම සම්බාධක පනවා තිබෙනවා.

කැනඩාවේ විශේෂ ආර්ථික පියවර පනතට අනුව ලැයිස්තුගත පුද්ගලයින්ට ගනුදෙනු තහනමක් පනවන අතර එමඟින් කැනඩාවේ ඔවුන් සතුව තිබිය හැකි ඕනෑම වත්කමක් රජය භාරයට ගනු ලබනවා. වසර 30 ක යුද්ධයෙන් පසු 2009 දී ශ්‍රී ලංකාව එල්. ටී. ටී. ඊ. සංවිධානය මර්දනය කරන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ අතර ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළා.