― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙකුට ආබාධ

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙදෙනෙකුට ආබාධ

ඉන්දීය තරග සංචාරයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ඩිල්ෂාන් මදුශංක සහ චාමික කරුණාරත්න දෙදෙනාම ආබාධ වලට මුහුණ දී සිටිනවා.

ඉන්දියාවට එරෙහිව ඊයේ (11) පැවැති පළමු තරගය අතරතුරදී යි ඔවුන් දෙදෙනා ආබාධවලට මුහුණ දී ඇත්තේ.

ඩිල්ෂාන් මදුශංක දකුණු උරහිසේ ආබාධයකට ගොදුරව සිටින අතර ඔහුගේ සෞඛ්‍ය මට්ටම පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම සඳහා අද දිනයේදී එක්ස්රේ පරීක්ෂණයකට සහ එම්.ආර්.අයි. පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.

එම වාර්තාව ලැබුණු වහාම ඩිල්ෂාන් සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කලමනාකාරීත්වය තීරණය කර තිබෙනවා.

මේ අතර චාමික කරුණාරත්න තරගයට පෙර කාසියේ වාසිය උරගා බැලීමට පෙර පැවැති ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාමවලදී පන්දුවක් උඩු තොළ ප්‍රදේශයේ වැදීමෙන් තුවාල ලබා සිටිනවා.

එම තුවාලය සඳහා මැහුම් තුනක් දැමීමට පියවර ගත් අතර වෛද්‍ය කාර්යය මණ්ඩලයේ නිර්දේශය පරිදි ඔහුව එම තරගයට ක්‍රීඩා කරවීමටයි පියවර ගනු ලැබුවේ.

දෙරට අතර හෙට (12) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට චාමික කරුණාරත්න සහභාගිවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.