29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙට කොක්කක් දැමූ ලේකම්ට වසර 03ක සිර දඬුවමක්?

ඡන්දෙට කොක්කක් දැමූ ලේකම්ට වසර 03ක සිර දඬුවමක්?

කිසිදු සාධාරණ හේතුවකින් තොරව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් නොසලකා හැරීම, ඊට අනුව ක්‍රියා නොකිරීම වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයකට නොඅඩු දඩයක් හෝ ඒ දෙකම ලබා දිය හැකි වරදක් බව පැ‍ෆ්රල් සංවිධානය පවසයි.

සියලුම රාජ්‍ය නිලධාරීන්, ව්‍යවස්ථාපිත මණ්ඩල සංස්ථා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරින් මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති බව පැ‍ෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකරමින් පැ‍ෆ්රල් සංවිධානය මේ බව දන්වා සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙකු වන රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව ඇප තැන්පත් බාර නොගන්නා ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් හරහා දැන්වීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇති බවයි. පරිපාලන නිලධාරියෙකු මෙවැනි ලිපියක් නිකුත් කිරීම සමස්ත රාජ්‍ය සේවයටම අගෞරවයක් හා අනාගතයට වැරදි පූර්වාදර්ශයක් බවද පැ‍ෆ්රල් සංවිධානය පවසනවා.