― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsගෝඨයි රනිලුයි දෙන්නම උත්තර දීලා තියෙන්නේ මර්දනයෙන්?

ගෝඨයි රනිලුයි දෙන්නම උත්තර දීලා තියෙන්නේ මර්දනයෙන්?

2022දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් වෙනස් වුවද රටේ මානව හිමිකම් වාර්තාවේ කිසිදු දියුණුවක් සිදුව නොමැති බව හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය 2023 වාර්තාව එළිදක්වමින් අද (12) ප්‍රකාශ කළේය.

වසර 2022 තුළ ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් පාරට බැස්සේ වසර ගණනාවක වැරදි පාලනය, බරපතළ ආර්ථික අර්බූදය, දූෂණය නීතියේ ආධිපත්‍යය යටපත් කොට තිබීම ආදී කාරණා මුල්කරගෙනය.

බරපතල අයිතීන් කඩකිරීම් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් චෝදනා ලැබ සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජූලි මාසයේදී සිය ධුරයෙන් ඉවත් විය. කෙසේ වෙතත්, නව ජනාධිපති, රනිල් වික්‍රමසිංහ, බොහෝ දුරට සාමකාමී විරෝධතා මැඩපැවැත්වීමටත්, ක්‍රියාකාරීන් සිරගත කිරීමටත්, අතීත කඩකිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා කළ ඉල්ලීම් නොසලකා හැරිමටත් කටයුතු කොට ඇති බව එහි සදහන්ය.

හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියානු අධ්‍යක්ෂ මීනක්ෂි ගංගුලි පැවසුවේ ‘ප්‍රතිසංස්කරණ සහ වගවීම සඳහා වූ ඉල්ලීම්වලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිචාර දැක්වූයේ මර්දනයෙනි’ යනුවෙනි.

#mawrata