27 C
Colombo
Wednesday, February 26, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsදුම්රිය ස්ථානාධිපති සංගමය යළි වර්ජනයක

දුම්රිය ස්ථානාධිපති සංගමය යළි වර්ජනයක

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කොට තිබේ.

එම තීරණයට එරෙහිව දුම්රිය ස්ථානාධිපති සංගමය යළි වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ පැය 24 ක සංකේත වර්ජනය ඊයේ (13) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරිණි.

දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ වර්ජනය අවසන් කළද දුම්රිය ධාවනයට සංඥා පරීක්ෂකවරුන්ගේ සහතිකය අවශ්‍ය බවයි. තෛපොංගල් උත්සවය අදට යෙදී ඇති මොහොතක, දීර්ඝ සති අන්ත නිවාඩුවක්ද එළැඹෙද්දී දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල කරමින් දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මගී ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබේ.