30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසඳගල සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් රිමාන්ඩ්

සඳගල සොරකම් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුලු පිරිසක් රිමාන්ඩ්

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ තවත් පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඒ අනුව සිද්ධියට අදාළව සැකකරුවන් 4 දෙනෙකු මේවන විට අත්අඩංගුවට පත්වී ඇති අතර ඔවුන් සියලුදෙනා මේවන විට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

මෙම සඳගල ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ලොරියක්, ඩිෆෙන්ඩර් රථයක් සහ බූම් ට්‍රක් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එය නිවසකට ප්‍රවාහනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ. අත්අඩංගුවට පත්වී ඇති සැකකරුවන්ගෙන් දෙදෙනෙක් අදාළ නිවසේ හිමිකරු සහ සඳගල ප්‍රවාහනය කළ ලොරියේ රියදුරායි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

කුණ්ඩසාලේ, උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි සඳගල නම් ප්‍රකට පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්මාරකය පසුගිය දෙසැම්බර් මස 14 වනදා රාත්‍රීයේ දීයි පැහැරගෙන ගොස් තිබුණේ.

පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළා.

සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිතයේ සිට සඳගල රැගෙන ආ ටිපර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා බවටයි පොලිසියට හෙළිවී ඇති අතර මෙතක් සඳගල සොයා ගැනීමට හැකිවී නොමැත.