31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාදිනල්ගේ චෝදනාවට සරත්ගෙන් පිළිතුරු

කාදිනල්ගේ චෝදනාවට සරත්ගෙන් පිළිතුරු

බොරැල්ල දේවස්ථානයේදී සිදුවී ඇත්තේ ඇපලෝ රෝහලේ වූ ආකාරයෙන්ම සිද්ධියක් බව මහජන ආරක්ෂක ඇමති රියාද් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ නුංගමුව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු මාස 10ක කාලයක් එම දේවස්ථානය සේවය කළ පුද්ගලයකු බවත් මේ වනවිට ඔහු සිද්ධිය පිළිගෙන ඇති බවත් ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

බෝම්බය රැගෙන ආ බව කියන පුද්ගලයා විසින්ම එය පෙන්වා දී ඇති අතර බිම තිබූ බෝම්බය අල්තාරය මතින් තිබ්බේ තමන් බවට ඔහු පිළිගෙන ඇති බව ඇමැතිවරයා සඳහන් කළේය.

සැකකරුගේ කාමරයේ ගිනිකූරු, හඳුන්කූරු, ටේප් ආදියද තිබී හමුවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ මෙම පරීක්ෂණ සිදුවන ආකාරය වැරදියි යැයි කීම වැරදි ප්‍රකාශයක් බවයි.