5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් එය විභාග මධ්‍යස්ථාන 2943කදී පැවැත්වෙන බවත් විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 07 වැනිදා සිට මාර්තු මස 05 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438කදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 340,507ක් සහභාගී වීමට නියමිතය.
සිංහල මාධ්‍යයෙන් 255,062ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445ක් වශයෙන් අයදුම්කරුවන් ශිෂ්‍යත්ව විභාගයට සහභාගී වෙයි. ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් ස්ථාපිත කර ඇත.
උසස් පෙළ විභාගය වෙනුවෙන් අයදුම්කරුවන් 345242ක් සහභාගී වීමට නියමිතව තිබේ. ඉන් 279141ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66101කි. උසස් පෙළ විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් ස්ථාපිත කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේ 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබීය. මේ අතර විභාග පැවැත්වෙන කාලසීමාව තුළ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.