― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportපළමු ලෝක කුසලාන තරඟයම බාළිකාවෝ ජය ලබයි

පළමු ලෝක කුසලාන තරඟයම බාළිකාවෝ ජය ලබයි

ලොව පළමු වතාවට පැවැත්වෙන වයස වයස අවුරුදු 19 න් පහළ බාලිකා තරගාවලිය යටතේ ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම සහභාගි වූ පළමු පන්දුවාර විස්සයි-20 තරගයෙන්ම ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා බාළිකාවෝ පළමු ලෝක කුසලාන තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ඊයේ (14) සමත්වූණා.

බෙනෝනිහි පැවැති මෙම තරගයේදී කාසියේ වාසිය දිනූ ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 කට ලකුණු 96 ක් ලැබිය. ඇමරිකානු කණ්ඩායමට ප්‍රභල අභියෝගයක් වූ පන්දු යවන්නිය බවට පත්වූයේ දෙව්මි විහංගා වන අතර ඇය පන්දුවාර 4 දී නිලකුණු පන්දුවාරයක්ද සමඟ ලකුණු 11 කට කඩුලු 3 ක් බිඳ දැමුවා.

පළමු කඩුල්ල ලෙස ලසාය මුල්පුඩි දවා ගත් දෙව්මි අනතුරුව සිඝා පෝල් සහ නායිකා ගීතිකා කොඩලි දවා ගනිමින් තම කඩුලු 3 සම්පූර්ණ කර ගත්තේය. මෙම තරගයට පෙර පැවැති පුහුණු තරග වලදී ස්කොට්ලන්තයට එරෙහිව කඩුලු ත්‍රිත්වයක්ද වාර්තා කර ගැනීමට දෙව්මි සමත්වී ඇති බැවින් තරගාවලියේ වැඩිම අවධානයක් දිනා සිටින ක්‍රීඩිකාවන් අතරට එක්වීමට සමත්ව සිටිනවා.

ඇමරිකානු ඉනිමේ වැඩිම ලකුණු ලාභීණිය වූයේ සිතූ සිං වන අතර ඇය පන්දු 23 කදී ලකුණු 22 ක් ලබාගත්තාය. දෙව්මි හැරුණු වීට වමත් දඟ පන්දු යවන්නිය වන විදුෂිකා පෙරේරා ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඉලක්කය හඹා යෑමේදී පළමු කඩුල්ල ලෙස නෙත්මි සේනාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 08 ක්ව තිබියදී දැවී ගිය නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරන ලද විශ්මි ගුණනරත්න ප්‍රධාන ශ්‍රී ලංකා පිතිකාරිණියන් ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරය අවසානයේදී ජයග්‍රහණය කරා රැගෙන ගියා. පන්දු 6 ක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ඉලක්කය සපුරා ගන්නා විට ප්‍රතිවාදී පිලේ පන්දු යවන්නියන් දවාගැනීමට සමත්ව සිටියේ කඩුලු 3 කි.

රිතූ සිංහගේ පන්දුවකට හයේ පහරක් එල්ල කළ මනුදි නානායක්කාර  ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 31 කදී ලකුණු 32 ක්ද නායිකා විශ්මි ගුණරත්න පන්දු 40 කදී ලකුණු 34 ක් ද ලබා සිටියා.. නායිකාවට වඩා ප්‍රහාරාත්මක වුණු මනුදි සිය ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරද්දී නායිකාව හතරේ පහර 2 කින් පමණක් සිය ඉනිම සරසා ගත්තා.

පළමු කඩුල්ල දැවී යෑමෙන් පිටියට එක් වුණු සුමුදු නිසංසලා (14) සහ විශ්මි ගුණරත්න දෙවැනි කඩුල්ලට ලකුණු 24 ක් එක් කළා.. සුමුදු දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දෙව්මි විහංගා ලකුණු 10 කට දැවී යද්දී විශ්මි සහ මනුදි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 96 යි – (රිතූ සිං 22, ඩීෂා දින්ග්‍රා 18, ගීතිකා කොඩලි 11, දෙව්මි විහංගා 11/3, විදුෂිකා පෙරේරා 15/2)

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 කදී කඩුලු 3 ට ලකුණු 100 යි – (විශ්මි ගුණරත්න (නොදැවී) 34, මනුදි නානායක්කාර (නොදැවී) 32, සුමුදු නිසංසලා 14, දෙව්මි විහංගා 10, භූමිකා බද්‍රිරාජු 17/2)