30 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහෙට ණය ගෙව්වොත් රට වළපල්ලට යනවා

හෙට ණය ගෙව්වොත් රට වළපල්ලට යනවා

ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය වාරිකය හෙට (18) දිනයේ ගෙවා දැමුවහොත් ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්විය හැකි බව ආර්ථික විෂ්ලේශකයින් පෙන්වා දෙයි. වෙරිටේ රිසර්ච් ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන් ද මෙල් පවසන්නේ ණය වාරිකය ගෙවීම සඳහා ඇති ඩොලර් මිලියන 500 මේ වන විට රට මුහුණ දී ඇති ඩොලර් අර්බුදය විසදා ගැනීමට භාවිත කිරීම දැනට ඇති එකම විකල්පය බවයි.

එමෙන්ම ගෙවීමට නියමිත ණය වාරිකය සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කර ප්‍රතිව්‍යුහගත කර ගැනීමක් සිදුකිරීම වඩාත් යෝග්‍ය බවත් හෙට දිනයේ ගෙවීමට නියමිත ණය වාරිකය නොගෙවීම මගින් රටට අහිතකර ප්‍රතිඵල අත්නොවනු ඇති බවත් ආචාර්ය නිෂාන්ද මෙල් වැඩිදුරටත් අවධාරණය කරයි.

ණය වාරිකය ගෙවීමට ඇති ඩොලර් මිලියන 500ය වරායේ දැනට සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ මුදා ගැනීමටද යෙදවිය හැකි බව එහිදී නිශාන් ද මෙල් මහතා ප්‍රකාශ කළේය.