31 C
Colombo
Sunday, April 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅපූරු ආකාරයකට දැරියගේ අපල දුරු කළ කපුවා අත්අඩංගුවට

අපූරු ආකාරයකට දැරියගේ අපල දුරු කළ කපුවා අත්අඩංගුවට

අවුරුදු 12ක් වයසැති දැරියක් තම දේවාලය තුළදී බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ කපුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපලයක් දුරු කිරීමට ශාන්ති කර්මයක් කර ගැනීම සඳහා දැරියගේ පියා ඇය දොම්පේ දේවාලයකට රැගෙන ගොස් තිබේ. බාලවයස්කාර මෙම දැරියට ඇතැයි කියන අපලය දුරු කරන් බව කියා ඇය පමණක් දේවාලය තුළට කපුවා විසින් කැඳවා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

කපුවාගෙන් සිදු වූ බව කියන අතවරය ගැන දැරිය පියාට ඒ අවස්ථාවෙම පවසා ඇතත් ඔහු ඒ ගැන නොසලකා හැර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ කපුවා තිස්හත් හැවිරිදි අයෙකු වන අතර වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය රෝහල්ගත කර තිබේ.