― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදඩයම්කරුවන්ගෙන් පළා ආ වැලිමුවෙක් බේරා ගැනේ

දඩයම්කරුවන්ගෙන් පළා ආ වැලිමුවෙක් බේරා ගැනේ

අද (16) දඩයම්කරුවන්ගෙන් බේරි ආ වැලිමුවෙකු බගවන්තලාව නගරයේ වෙළඳසැලක පිටුපස තාවකාලිකව ඉදි කර ඇති මඩුවක සිටියදී එම වැලිමුවා බේරා ගැනීමට වෙළඳසැලේ සේවකයින් කටයුතු කර තිබුනා.

බගවන්තලාව ප්‍රදේශයේ තේ වතු වල සැරිසරන වන සතුන් දඩයම් කිරීම එම ප්‍රදේශයේ ඇතැම් වතු කම්කරුවන් සිදු කරන අතර ඒ සඳහා පුහුණු කරන ලද සුනඛයන්ද යොදාගනියි.

එසේ දඩයම් කරන අවස්ථාවක පැන ආ වැලි මුවෙකුයි නල්ලතන්නිය වන ජිවි කාර්යාලය වෙත වෙළඳසැලේ සේවකයින් භාර දී ඇත්තේ. සේවකයින් අප වාර්තාකරුවෙත දන්වා සිටියේ මඩුවේ සිර වී සිටින අවස්ථාවේ වැලි මුවා තුවාල සහිතව සිටි බවයි.