27.8 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඋද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව පහළට

උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව පහළට

ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහළට පැමිණ තිබෙනවා.

ඒ අනුව ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර පස්වන ස්ථානයයි මේ වනවිට ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ. එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස 66% ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය 106%ක් බවයි ස්ටීව් හැන්කේ පෙන්වා දෙන්නේ.

මීට පෙර නිකුත් වූ දර්ශකයේ ශ්‍රී ලංකාවේ උද්ධමනය101%ක් ලෙස සටහන් වූ අතර, නවතම දර්ශකයේ එය 106% ක් වැඩිව තිබෙනවා.

මහාචාර්ය ස්ටීව් හැන්කේගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය ලෙබනනයට සහ සිව්වන ස්ථානය කියුබාවටත් හිමිව තිබෙනවා.