29 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රිය සේවයට නව සේවකයින් 3,000ක්

දුම්රිය සේවයට නව සේවකයින් 3,000ක්

දුම්රිය සේවය සඳහා නව සේවකයින් 3,000ක් බඳවා ගැනීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේනව බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ සිදුකරන බවයි

සේවකයෝ 3,000ක් අලුතින් බඳවා ගන්නවා. දුම්රිය රියදුරන් විශ්‍රාම ගිහින් තියෙන්නේ 9දෙනයි, දීර්ඝ කාලයක් සේවකයෝ බඳවාගෙන නැහැ. සේවකයෝ බඳවාගෙන වැටුප් ගෙවන්නට ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි දැනට රාජ්‍ය සේවයට බඳවාගෙන සිටින කාර්ය සාධක බළකායේ ඉන්න සේවකයන්ගෙන් 3,000ක් දුම්රියට බඳවාගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ කරනවා. 410යි මුළු මනින්ම සේවකයෝ විශ්‍රාම ගිහින් තියෙන්නේ. 3,000ක් පමණ බඳවා ගන්නවා. රියදුන් සඳහාත් ඉදිරියට බඳවාගැනිම් කෙරෙනවා.