24.5 C
Colombo
Tuesday, June 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෑලියගොඩ - කළුපාලම අසළ වෙඩි තැබීමක්

පෑලියගොඩ – කළුපාලම අසළ වෙඩි තැබීමක්

පෑලියගොඩ – කළුපාලම අසළ අද (17) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

ගිනි අවි රැගෙන නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක් එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 32ක් වන පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් යතුරුපැදියකින් පැමිණ ඇති බවයි.

වෙඩි වැදීමට ලක්වූ පුද්ගලයා මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව මීට දින කිහිපයකට ඉහත දී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.