― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසල්ලි අච්චු ගැසීම නවතයි

සල්ලි අච්චු ගැසීම නවතයි

අප ලබාගත් විදේශ ණය ගෙවීමට නොහැකි බව ලෝකයට බොහෝම පැහැදිලිව කියා තිබෙන බවත් මේ හේතුවෙන් ප්‍රතිපත්තියක් ලෙස මුදල් අච්චු ගැසීම නවතා දමා ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මේ අවස්ථාවේ දී ණය ලබාගන්න බැහැ. මක්නිසා ද යත් අපි විදේශ ණය ගෙවන්න නොහැකි බවත් ඒ ණය නැවත සකස් කරලා දෙන ලෙසත් ලෝකයට බොහෝම පැහැදිලිව කියලා තියෙනවා. ඒ නිසා තවදුරටත් ණය ගන්න බැහැ. සල්ලි අච්චු ගහන්න බෑ. අච්චු ගහන්න ගියොත් ඉදිරියට ණය ගන්න බැරි වෙනවා. නොකරන ගෙවීමක් සඳහා තමා දැනට මුදල් අච්චු ගැසීම රජය ප්‍රතිපත්තියක් ලෙස නවතා තිබෙනවා. එනිසා එදිනෙදා වියදම් දරාගැනීමට නොහැකිව විශාල අර්බුදයකට මුහුණදෙනවා. මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් ඉල්ලීමක් කළා දෙසැම්බර් මාසයේ කොහොමද වියදම් දැරුවේ කියලා සංඛ්‍යා දත්ත දෙන්න කියලා. ඒ අනුව ලංකාවට බදු හා බදු නොවන ආකාරවලින් භාණ්ඩාගාරයට ලැබිලා තියෙන්නේ බිලියන 141ක්. එයින් වැටුප් ගෙවන්න වියදම් කරලා තියෙනවා බිලියන 88ක්. විශ්‍රාම වැටුප් සහ සමෘද්ධිලාභින්ට ගෙවන්න බිලියන 30ක්. පොහොර ලබාගැනීමට බිලියන 6.5යි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය බෙහෙත් සඳහා බිලියන 8.7යි. වෙනත් එදිනෙදා ගමන් වියදම් වැනි පරිපාලන වියදම් බිලියන 154යි. ඉතින් 141කින් 154ක් දරන්නේ කෙසේ ද? විකල්ප ක්‍රමයක් සොයා ගන්න බෑ. කළමනාකරණය කිරීම කරන්න බැරි තත්ත්වයට පත්වෙලා.