― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකගේ අත්සන

2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකගේ අත්සන

2023 වර්ෂයේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා අද (17) සිය සහතිකය සටහන් කර තිබෙනවා.

කථානායකවරයා විසින් එලෙස සහතික කර ඇත්තේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත් කෙටුම්පතටයි.

බදු ගිවිසුමක් යටතේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමට අදාළ කාර්යය පටිපාටිය සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහාද, හිඟ බදු වාරික මුදල් සේවා ගාස්තු සහ ප්‍රමාණකළ අලාභ අයකර ගැනීම විධිමත් කිරීම සඳහා ද සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද මෙම පනත් කෙටුම්පත මඟින් විධිවිධාන සලසනු ලබනවා.

අදාළ පනත් කෙටුම්පත පසුගිය ජනවාරි 05 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.