කුමන ආර්ථික අර්බුද පැවතියත් මෙම වසර සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම වෙනුවෙන් අරමුදල් වෙන්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ මේ වසරේ ඖෂධ මිල දී ගැනීම සඳහා බිලියන 30 – 40ත් අතර මුදලක් වෙන්කරන බවයි.