29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅත්‍යවශ්‍ය සේවා සඳහා අති විශේෂ ගැසට්ටුවක්

අත්‍යවශ්‍ය සේවා සඳහා අති විශේෂ ගැසට්ටුවක්

විදුලිය සැපයීම, ඉන්ධන සැපයීම සහ රෝහල් සේවා තවදුරටත් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම ගැසට් නිවේදනය ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව ඊයේ (17) නිකුත් කෙරිණි.

ඒ අනුව විදුලිය සැපයීම, ඛනිජ නිෂ්පාදනය, ඉන්ධන සැපයීම සහ බෙදා හැරීම යන සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස සැලකේ.

එසේම රෝහල්, සාත්තු නිවාස, ඔසුසල් සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් රැකබලා ගැනීම සහ පිළිගැනීම, ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.